හෙට සිට වැස්ස වැඩි වන ලකුණු

හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

by Staff writer 19-10-2019 | 3:34 PM

COLOMBO ( News 1st ) - පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව ය. එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරුමැද, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ ය.