ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝඨාභය රාජපක්ෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

by Staff writer 19-10-2019 | 7:29 AM

COLOMBO (News 1st) Update: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඒ, බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේදීයි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක් ව සිටිති.

--------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00 ට එම කටයුත්ත සිදු වන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මීට පෙරද තව ත් ගිවිසුමකට අත්සන් කරන ලදී.