සුළඟකින් ආරච්චිකට්ටුවේ නිවාස 5කට හානි

වර්ෂාව සමග ඇති වූ සුළඟකින් ආරච්චිකට්ටුවේ නිවාස 5කට හානි

by Staff writer 19-10-2019 | 4:19 PM

COLOMBO ( News 1st ) - හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමග ඇති වූ සුළඟකින් ප්‍රදේශයේ නිවාස 5කට හානි සිදුව තිබේ.

සිදු වූ හානි තත්ත්වය නිරීක්ෂණය කිරීමට අද පෙරවරුවේ පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීහු පැමිණ සිටියහ. ඔවුන් ප්‍රකාශ කළේ, සිදු වූ හානි තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කර වන්දි ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා බව ය.