මැතිවරණ නීති උල්ලංඝණය කළ 11 ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 19-10-2019 | 7:41 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඒ අතර වන බවයි.