පැය 24ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 87ක් 

පැය 24ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 87ක් - මැතිවරණ කොමිසන් සභාව

by Staff writer 19-10-2019 | 3:10 PM

COLOMBO ( News 1st ) - පැය 24 ක කාලයක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 87 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඊයේ පස්වරු 4.30 න් අවසන් වූ පැය 24ක කාලය තුළ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව 86 ක් සහ වෙනත් පැමිණිලි එකක් ලැබී ඇති බව ය. පසුගිය 8 වැනිදා සිට දින 10 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 938 ක් ලැබී තිබේ.