"නිදහස් පක්ෂය කවුරුත් සුරකින්න අවශ්‍ය නැහැ"

පක්ෂය සුරකිමින් ගෝඨාභය රාජපක්ෂට සහය දක්වනවා - දයාසිරි ජයසේකර

by Staff writer 19-10-2019 | 7:34 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ මූලස්ථානයේදී ඊයේ රැස් විය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබඳව මෙහිදී මූලික අවධානය යොමුව තිබේ. පැය 2 කට ආසන්න කාලයක් හමුව පැවති අතර අනතුරුව පිටතට පැමිණි පක්ෂ නියොජිතයින් මාධ්‍යට අදහස් පළ කළහ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසූවේ, නිදහස් පක්ෂය සුරකිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරන බවයි. [audio wav="https://cdn.newsfirst.lk/sinhala-uploads/2019/10/10-19-DAYASIRI-JAYASEKARA.wav"][/audio]