නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 4 කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කෙරේ

by Staff writer 19-10-2019 | 7:38 AM

COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4 කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යයන අංශයේ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, කෑගල්ල, රත්නපුර, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නිවේදනය නිකුත් කර ඇති බවයි. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බැවින් කලා ඔය දෙපස ජනතාව විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි.