ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 19-10-2019 | 6:24 AM

දේශීය පුවත්

1. අනුරාධපුරයේදී වාහන 4ක් ඇතුළු රුපියල් කෝටි ගණනක සොරකමක් කළ සිව්දෙනෙකු අත්අඩංගුවට: අනුරාධපුරයේදී වාහන හතරක්ද ඇතුළුව රුපියල් කෝටි තුනක පමණ වටිනා භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2. ඉසුර දේවප්‍රිය නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවතට: බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කර තිබේ. 3. පොදුජන පෙරමුණ සහ කම්කරු කොංග්‍රසය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර අවබෝධතා ගිවිසුමකට ඊයේ පෙරවරුවේ අත්සන් තබා තිබේ. 4. ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 851ක්: ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 851ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

විදෙස් පුවත්

5. සිරියාවේ කුර්දි සටන්කාමීන්ට තුර්කියෙන් දින 5 ක සටන් විරාමයක්: කුර්දි සටන්කාමීන්ට ඉවත් වීම සඳහා තුර්කිය ඊසානදිග සිරියාවේ දින පහක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.