ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 62 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 62 දෙදෙනෙකු මරුට

by Staff writer 19-10-2019 | 9:07 AM

News 1st - ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 62 දෙදෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රහාරයෙන් තව ත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඇෆ්ගනිස්ථානයේ, නන්ගහාර් පළාතේ පිහිටි දේවස්ථානයකට ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් දේවස්ථානයට දැඩි අලාභහානි සිදු ව තිබේ. බීබීසි ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත. මේ අතර එක්සත් ජාතීන් අනාවරණ කළේ, ඉකුත් ජුලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් 1174 දෙනෙකු මිය ගොස් ඇති බවයි. ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ පුද්ගල මරණ වැඩිම කාලසීමාව එය බව ද එක්සත් ජාතීන් ප්‍රකාශ කළහ.