"අපක්ෂපාතී හා ස්වාධීන මැතිවරණයකට කැප වන්න"

අපක්ෂපාතී හා ස්වාධීන මැතිවරණයකට කැප වන්නැයි ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

by Staff writer 19-10-2019 | 6:37 PM

COLOMBO ( News 1st ) - රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් අපක්ෂපාතී හා ස්වාධීන මැතිවරණයකට කැප වන්නැයි පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ, මෙරට සංචාරයක නිරත නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙප් බ්ලොක් මහතා අද පෙරවරුවේ හමු වූ අවස්ථාවේදී ය. ජනාධිපති නිල නිවසේදී එම හමුව පැවැත්වුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, මෙවර ජනාධිපතිවරණයේදී තමන් නිර්පාක්ෂිකව කටයුතු කරන බව ය. මැතිවරණය ඉතා සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම දුෂණවලින් තොර මැතිවරණයක් වනු ඇති බවට තමාට සහතික විය හැකි බව ද ජනාධිපතිතුමා මෙම හමුවේදී ප්‍රකාශ කළේ ය. මෙහිදී අදහස් දැක් වූ නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විවිධ අභියෝග මධ්‍යයේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සමත්වීම ලෝකයේ දැඩි පැසසුමට ලක්ව ඇති බව ය.