by Staff writer 18-10-2019 | 12:27 PM
COLOMBO (News 1st) - යාපනය හා චෙන්නායි අතර ගුවන් ගමන් ලබන 1 වැනි දා සිට ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, යාපනය හා චෙන්නායි අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට ගුවන් සමාගමක් ඉදිරිපත්ව ඇති බවයි.
ඔවුන් දෛනිකව ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇතැයි ද සඳහන් වේ.
සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ, යාපනය චෙන්නායි අතර එක් ගමන් වාරයක් සඳහා විනාඩි 50 ත් පැයත් අතර කාලයක් ගතවන බවයි.
තව ත් ගුවන් සමාගම් කිහිපයක් යාපනය චෙන්නායි ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස යාපනය ගුවන්තොටුපොළ ඊයේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.