මංජු ශ්‍රී අරංගල අභාවප්‍රාප්ත වෙයි

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 18-10-2019 | 12:49 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට 61 වියේ පසු වූ ඒ මහතා හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලන ජීවිතය ආරම්භ කළ අතර පසුව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුයෙකු ලෙස තේරී පත් විය. මංජු ශ්‍රී අරංගල මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරුවේ සිට මීගොඩ, පුවක්වත්තේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු ලබන සඳුදා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.