පොදුජන පෙරමුණ සහ කම්කරු කොංග්‍රසය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

by Staff writer 18-10-2019 | 9:55 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර අවබෝධතා ගිවිසුමකට අද පෙරවරුවේ අත්සන් තබා තිබේ.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීම සඳහායි. ගිවිසුමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පිරිස් සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් නායක ආරුමුගන් තොණ්ඩමාන් යන මහත්වරුන් අත්සන් තැබූහ. ඒ සඳහා වන උත්සවය කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත් විය.