නෙදර්ලන්ත විදේශ ඇමති දිවයිනට

නෙදර්ලන්ත විදේශ ඇමති දිවයිනට

by Staff writer 18-10-2019 | 11:46 AM

COLOMBO (News 1st)  - නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙෆ් බ්ලෝක් මහතා සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණ තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඔහු දින දෙකක් මෙරට රැඳී සිටින බවයි. නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශවිය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රුවන්ති දැල්පිටිය මහත්මිය සඳහන් කළා ය.