නිල්වලා ගගේ ඔරුවක් පෙරළීමෙන් කාන්තාවක මරුට

නිල්වලා ගගේ ඔරුවක් පෙරළීමෙන් කාන්තාවක මරුට

by Staff writer 18-10-2019 | 3:32 PM
COLOMBO (News 1st) - නිල්වලා ගගේ ඔරුවක් පෙරළීමෙන් අද පෙරවරුවේ කාන්තාවක මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ගගෙන් එගොඩ වීම සඳහා 3 දෙනෙකු ඔරුවේ ගමන් කර ඇති බව ය. ඔරුව පෙරළීමෙන් කාන්තාව මිය ගිය අතර තවත් දෙදෙනෙකු බේරා ගෙන තිබේ. මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි නාවිමන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක ය.