ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 851ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 851ක් - මැතිවරණ කොමිසම කියයි

by Staff writer 18-10-2019 | 4:19 PM
COLOMBO (News 1st) - ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 851ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ ප්‍රචණ්ඩ ක්‍රියා 08ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 814ක් සහ වෙනත් පැමිණිලි 29ක් ඒ අතර වන බව ය. ගත වූ පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 89ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.