ජනාධිපතිවරණයට නව ඡන්ද පෙට්ටි 5000 ක්

ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක් නිසා නව ඡන්ද පෙට්ටි 5000 ක් නිපදවීමට පියවර

by Staff writer 18-10-2019 | 6:51 AM

COLOMBO (News 1st) - මෙවර ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද පෙට්ටි 5000 කට අධික සංඛ්‍යාවක් නිපදවීමට සිදුව ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඒ, ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක් දිගුවීම හේතුවෙනි. එක් ඡන්ද පෙට්ටික දැමිය හැකි ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව සීමා වීම මෙලෙස ඡන්ද පෙට්ටි අලුතින් තැනීමට සිදු වූ බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. අප කළ විමසීමකදී එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පරිසර හිතකාමී ක්‍රමවේදයකට දේශීයව මෙම ඡන්ද පෙට්ටි නිපදනවන බවයි.