ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 18-10-2019 | 6:12 AM

දේශීය පුවත්

1. නිශ්ශංක සේනාධිපති රක්ෂිත බන්ධනාගාරයට: අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ලබන 08 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 2. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර යළි රක්ෂිත බන්ධනාගාරයට: පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර ලබන 5 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 3. මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ විවෘත කෙරිණි: මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ විවෘත කෙරිණි. 4. මාර්ගවල නවතා යන සැකකටයුතු වාහන සම්බන්ධයෙන් පොලීසිය දැඩි විමසිල්ලෙන්: අනන්‍යතාවය තහවුරු නොවන ආකාරයෙන් සැකකටයුතු ලෙස මාර්ගවල නවතා යන වාහන සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින බව පොලීසිය පවසයි.

විදෙස් පුවත්

5. තුර්කි – සිරියානු දේශසීමාව තම දේශසීමාව නොවන බව ට්‍රම්ප් කියයි: තුර්කි – සිරියානු දේශසීමාව තම දේශසීමාව නොවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.