ඉසුර දේවප්‍රිය ශ්‍රීලනිප සියලු තනතුරුවලින් ඉවතට

ඉසුර දේවප්‍රිය නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවතට

by Staff writer 18-10-2019 | 7:59 PM

COLOMBO  ( News 1st ) - බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කර තිබේ.

ඔහු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ අතර මහරගම ප්‍රධාන සංවිධායක ලෙසද කටයුතු කළේ ය. ඒ සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් ඉසුර දේවප්‍රිය මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ ද තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන බව ය.