කෝටි ගණනක සොරකමක් කළ 4ක් අත්අඩංගුවට

අනුරාධපුරයේදී වාහන 4ක් ඇතුළු රුපියල් කෝටි ගණනක සොරකමක් කළ සිව්දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 18-10-2019 | 9:51 PM

COLOMBO ( News 1st ) - අනුරාධපුරයේදී වාහන හතරක්ද ඇතුළුව රුපියල් කෝටි තුනක පමණ වටිනා භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම කර ඇත්තේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ය. හෙට්ටිපොළ, වැල්ලවාය, දංකොටුව, සාලියවැව, අරලගංවිල ඇතුළු ප්‍රදේශවලින් මෙම භාණ්ඩ සොරකම් කර ඇති බව පොලීසිය සැක කරයි. වෑන් රථ 4ක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී මත්පැන් බෝතල්, නිමී ඇඳුම්, විදුලි උපකරණ ඇතුළු වටිනා ද්‍රව්‍ය සොයාගෙන තිබේ. සැකකරුවන් 4 දෙනා පුත්තලම, රුවන්වැල්ල, ගලේවෙල සහ කුරුණැගල පදිංචිකරුවන් ය. ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මෙම සොරකම්වලට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.