ඊසානදිග සිරියාවේ දින 5 ක සටන් විරාමයක්

සිරියාවේ කුර්දි සටන්කාමීන්ට තුර්කියෙන් දින 5 ක සටන් විරාමයක්

by Staff writer 18-10-2019 | 7:42 AM

News 1st - කුර්දි සටන්කාමීන්ට ඉවත් වීම සඳහා තුර්කිය ඊසානදිග සිරියාවේ දින පහක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, අන්කාරා නුවරදී අමෙරිකානු උපජනාධිපති මයික් පෙන්ස් සහ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගෝන් අතර පැවති සාකච්ඡාවලදීයි. මේ අනුව ඊසානදිග සිරියාවට පැය 120 ක සාම වසන්තයක් ප්‍රකාශයට පත් කළ බව අමෙරිකානු උපජනාධිපතිවරයා පැවසුවේ ය. එම කාලසීමාව තුළ කුර්දි සටන්කාමීන් අදාළ කලාපයෙන් ඉවත් විය යුතුයි. එහෙත් කුර්දි සටන්කාමීන් මෙතෙක් ඊට එකඟතාව පළකර නොමැත. සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමත් සමග තුර්කියට පනවා තිබූ සම්බාධක ඉවත් කරන බව ද අමෙරිකානු උපජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. තුර්කිය අදාළ මෙහෙයුම ආරම්භ කළේ, ඊසානදිග සිරියාවෙන් කුර්දි සටන්කාමීන් පළවා හැර සිය රට තුළ සිටින මිලියන දෙකක් පමණ වූ සිරියානු සරණාගතයින් එම ප්‍රදේශයේ පදිංචි කරවීමේ අරමුණිනි. එම මෙහෙයුමට අදට දින 10 කි. ඒ හේතුවෙන් සිවිල් වැසියන් 72 දෙනෙකු මිය ගොස් තව ත් පුද්ගලයින් තුන් ලක්ෂයකට අධික පිරිසක් අවතැන් විය.

වෙනත් ලිපි