විලියම් - කේට් පකිස්ථානයේදී සුහද ක්‍රිකට් තරගයක

විලියම් කුමරු සහ කේට් කුමරිය පකිස්ථානයේදී සුහද ක්‍රිකට් තරගයක

by Staff writer 18-10-2019 | 7:11 AM

News 1st - බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය පකිස්ථානයේදී සුහද ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී විය.

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය මේ දිනවල පකිස්ථානයේ සංචාරයක නිරත වේ. ඔවුන් දෙදෙනා මෙම සුහද ක්‍රිකට් තරගය සඳහා සහභාගී වූයේ පකිස්ථානයේ ලාහෝර් නුවරදීයි. පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අසාර් අලී, කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා සානා මිර්, වැනි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ සඳහා සහභාගී වූ අතර මෙම තරගයේ පිටියේ විනිසුරු ලෙස හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වත්මන් පකිස්ථාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වකාර් යුනිස් කටයුතු කිරීම විශේෂත්වයකි. ඩයනා කුමරිය මිය යාමට වසරකට පෙර පකිස්ථානයේ සංචාරයේ යෙදුණු අවස්ථාවේ ගමන් කළ පිළිකා රෝහල නැරඹීමට පෙර බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය මෙම තරගයට සහභාගී විය. සම්ප්‍රදායික පකිස්ථාන ඇඳුමින් මෙම අවස්ථාවේයදී ඔවුන් දෙදෙනා සැරසී සිටි අතර ඔවුන් දෙදෙනා දින 4 ක් පකිස්ථානයේ රැඳී සිටීමට නියමිතයි. මෙමගින් පකිස්ථාන තුළ සංචාරක හා ව්‍යාපාර ක්ෂේත්‍ර මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ද දියුණු වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.