home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
විලියම් කුමරු සහ කේට් කුමරිය පකිස්ථානයේදී සුහද ක්‍රිකට් තරගයක
by Staff writer
18-10-2019 | 7:11 AM
News 1st - බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය පකිස්ථානයේදී සුහද ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී විය.
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය මේ දිනවල පකිස්ථානයේ සංචාරයක නිරත වේ. ඔවුන් දෙදෙනා මෙම සුහද ක්‍රිකට් තරගය සඳහා සහභාගී වූයේ පකිස්ථානයේ ලාහෝර් නුවරදීයි. පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අසාර් අලී, කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා සානා මිර්, වැනි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ සඳහා සහභාගී වූ අතර මෙම තරගයේ පිටියේ විනිසුරු ලෙස හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වත්මන් පකිස්ථාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වකාර් යුනිස් කටයුතු කිරීම විශේෂත්වයකි. ඩයනා කුමරිය මිය යාමට වසරකට පෙර පකිස්ථානයේ සංචාරයේ යෙදුණු අවස්ථාවේ ගමන් කළ පිළිකා රෝහල නැරඹීමට පෙර බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය මෙම තරගයට සහභාගී විය. සම්ප්‍රදායික පකිස්ථාන ඇඳුමින් මෙම අවස්ථාවේයදී ඔවුන් දෙදෙනා සැරසී සිටි අතර ඔවුන් දෙදෙනා දින 4 ක් පකිස්ථානයේ රැඳී සිටීමට නියමිතයි. මෙමගින් පකිස්ථාන තුළ සංචාරක හා ව්‍යාපාර ක්ෂේත්‍ර මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ද දියුණු වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙනත් ලිපි
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,000 ඉක්මවයි..
මදුරුවන් බෝ කළ 10,000කට දඩ
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951 දක්වා ඉහළට
ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්
ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්
හෙට සිට විශේෂ මදුරු මර්දන වැඩසටහන්.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය