කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

කර්තෘ Staff writer

18 Oct, 2019 | 3:40 pm

COLOMBO (News 1st) – කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 9.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ කොටුව, පිටකොටුව සහ කොළඹ 9 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ය.

මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]