ශාන්ත සිසිර කුමාර යළි රක්ෂිත බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 17-10-2019 | 3:42 PM

COLOMBO ( News 1st ) - පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර ලබන 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, අද පෙරවරුවේ ඔහු හලාවත මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව මත පසුගිය 10 වනදා ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. 2004 වසරේදී නීතීවිරෝධී රැස්වීම් පවත්වා ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහාධිකරණය විසින් 2011 වසරේදී ඇප මත මුදා හැරිණි. එහිදී සෑම මසකම අවසන් ඉරිදා දින පොලීසීයේ පෙනී සිටින්නැයි ලබාදුන් නියෝගය කඩ කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට හලාවත මහාධිකරණය නියෝග කළේ ය.