ඇවන්ට්ගාඩ් සභාපති රක්ෂිත බන්ධනාගාරයට

නිශ්ශංක සේනාධිපති රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 17-10-2019 | 6:07 PM

COLOMBO ( News 1st ) - අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඔහු අද පස්වරුවේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා තිබේ. ඒ, ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් එම්.වී ඇවන්ට්ගාඩ් නැමති නෞකාවේ කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී අන්දමින් ස්වයංක්‍රීය ගිනි අවි 816ක් හා ජීව උණ්ඩ දෙලක්ෂ දෙදාස් තුන්සිය අනූපහක් තබා ගැනීම ඇතුළු චෝදනා 7573 යටතේ ය.