සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

ජනාධිපතිවරණ කාල සීමාව තුළ තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

by Staff writer 17-10-2019 | 7:31 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණ කාල සීමාව තුළ සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි. මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද තැපැල්පතිවරයා පැවසීය.