ජනපතිවරණය සම්බන්ධයෙන් සතියක් තුළ පැමිණිලි 673 ක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සතියක් තුළ පැමිණිලි 673 ක්

by Staff writer 17-10-2019 | 6:52 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයට අදාළව සතියක් තුළ පැමිණිලි 673 ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 85 ක් ලැබුණු බවයි. සමස්ත පැමිණිලි අතුරින් පැමිණිලි 650 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 6 කි. මැතිවරණයට අදාළව වාර්තා වූ සුළු පැමිණිලි සංඛ්‍යාව 17 ක් බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ය. ඉදිරි ජනාධිපතිවරණයට අදාළව පැෆරල් සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 62 කි. මේ අතර තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන දින හතර තුළ ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව නිරීක්ෂකයින් 1,000 ක් යෙදවීමට පැෆරල් සංවිධානය සැලසුම් කර තිබේ.