කොළඹ 13,14 සහ15ට අනින්දා පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ 13,14 සහ15ට අනින්දා පැය 18ක ජල කප්පාදුවක්

by Staff writer 17-10-2019 | 3:10 PM

COLOMBO ( News 1st ) - කොළඹ 13,14,15 යන ප්‍රදේශවලට අනින්දා රාත්‍රි 9 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, කොටුව, පිටකොටුව සහ කොළඹ 09 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සපයනු ඇති බව ය. මහකොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් මෙම ජලය සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.