ඕස්ට්‍රේලියානු සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඕස්ට්‍රේලියා තරගාවලියේ 20යි 20 නායකත්වය ලසිත් මාලිංගට

by Staff writer 17-10-2019 | 8:25 PM

COLOMBO ( News 1st ) - ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කෙරුණි.

නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 16ක් ඇතුළත් වන අතර ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබේ. මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ ඇතුළත් වේ. සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වන්නේ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, ඉසුරු උදාන, සහ කසුන් රාජිත ය. පකිස්ථාන තරග සංචාරය සඳහා සහභාගී වූ මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා සහ ළහිරු මධුසංකට ඔස්ට්‍රේලියා සංචාරයේ අවස්ථාව හිමි වී නොමැත. ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත් වන අතර එහි පළමු තරගය මේ මස 27 වනදා ඇඩිලේඩ්හිදී පැවැත්වීමට නියමිත ය.