by Staff writer 16-10-2019 | 3:46 PM
COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවේ වනජීවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ වනජීවී සංරක්ෂණ භාරය පරිසර සංරක්ෂණය කිරීම හා වනජීවී සංරක්ෂණයට අදාළව දැනට කිසිදු ක්‍රියාකාරකමක නොයෙදීම හේතුවෙන් ය.
එම ආයතනය වසා දැමීමෙන් අනතුරුව එය සතු වත්කම් හා වගකීම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවැරීම මේ යටතේ සිදු කරයි.
ඊට අමතරව සේවයෙන් ඉවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති එහි කාර්ය මණ්ඩලයට වන්දි හා පාරිතෝෂික මුදල් ගෙවීමටත්, සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමටත් කැබිනට් තීරණය අනුව පියවර ගන්නා බව රජය පවසයි.
වනජීවී භාරය සතු රන්දෙණිගල පුහුණු මධ්‍යස්ථානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යෑමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.