
තුර්කි – සිරියා හමුදා අතර ගැටුම් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ – රුසියාව
තුර්කි – සිරියා හමුදා අතර ගැටුම් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ – රුසියාව
කර්තෘ Staff writer
(News 1st): තුර්කි සහ සිරියානු හමුදා භට පිරිස් අතර ගැටුම් හට ගැනීමට ඉඩ නොදෙන බව රුසියාව පවසයි .
රුසියාව මේ බව සඳහන් කළේ තුර්කිය, ඊසානදිග සිරියාවේ කුර්දි සටන්කාමීන්ට එරෙහිව හමුදා මෙහෙයුම් ඇරඹූ පසුබිමකදී ය.
රුසියාවේ සිරියානු විශේෂ නියෝජිත ඇලෙක්සැන්ඩර් ලැව්රෙන්ට්යෙෆ් සඳහන් කළේ, දෙපාර්ශවය අතර එවැනි ගැටුමක් කිසිසේත්ම පිළිගත නොහැකි බව ය.
අමෙරිකාව ඊසාන දිග සිරියාවෙන් ඉකුත් සතියේ සිය සෙබළුන් ඉවත් කර ගැනීම මෙම මෙහෙයුම ඇරඹීමට තුර්කියට වක්රාකාර අනුමැතිය ලබාදීමක් යැයි දේශපාලන විචාරකයන් චෝදනා කළේ ය.
රුසියාව, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ප්‍රධාන හමුදා සහායකයකු වේ.
කුර්දි සටන්කාමීන් සිරියානු රජය සමග එලැඹි ගිවිසුම් ප්‍රකාරව, තුර්කි හමුදාවට එරෙහිව සටන් වැදීමට සිරියානු හමුදාව ලබාදීමට සිරියානු රජය අනුමැතිය ලබා දී තිබේ.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්