හාරිස්පත්තුව රක්ෂිතයට කුණු කරවල දැමූ පිරිසක් දැලේ

හාරිස්පත්තුව රක්ෂිතයට කුණු කරවල බැහැර කළ පිරිසක් අත්අඩංගුවට

by Staff writer 15-10-2019 | 12:36 PM

COLOMBO ( News 1st ) - පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් හාරිස්පත්තුව රක්ෂිතයට බැහැර කරමින් සිටියදී පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

හාරිස්පත්තුව ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කල්පිටිය ප්‍රදේශයේ කරවල වෙළදාම් කරන ව්‍යාපාරිකයින් පිරිසකි. ප්‍රදේශවාසීන් පැවසුවේ කලක සිට මෙසේ හාරිස්පත්තුව රක්ෂිතයට කැළිකසල දැමීම සිදු වන බව ය. මේ පිළිබඳව කටුගස්තොට පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.