සමස්ත ලංකා පිහිනුම් බාලිකා ශූරතාව මහනුවර මහමායාවට

සමස්ත ලංකා පාසල් පිහිනුම් බාලිකා ශූරතාව මහනුවර මහමායා විද්‍යාලයට

by Chathurika Jayasundara 15-10-2019 | 3:20 PM

COLOMBO ( News 1st ) - 2019 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පිහිනුම් අංශයේ බාලිකා ශූරතාව දිනා ගැනීමට මහනුවර මහමායා බාලිකා විද්‍යාලය සමත් විය.

තරගාවලියේ බාලක අංශයේ ශුරතාව හිමිවුණේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට ය. 2019 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පිහිනුම් තරග දින 3ක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වුණි. පාසල් 20ක් සහභාගී වූ බාලිකා අංශයේ තරගවලදී මහනුවර මහමායා බාලිකා ක්‍රීඩිකාවන් විසින් කොළඹ විශාකා විද්‍යාලය ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කළේ ය. මහමායා විද්‍යාල ක්‍රීඩිකාවන් තරගාවලියේ ශුරතාව හිමිකර ගත්තේ ප්‍රසාද ලකුණූ 127ක් හිමිකර ගනිමින් ය. ප්‍රසාද ලකුණූ 94ක් හිමිකර ගත් කොළඹ සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලය එහි දෙවැනි ස්ථානයට පත් වූ අතර තුන්වැනි ස්ථානය හිමිවූයේ සාන්ත බ්‍රිටෙජ් කන්‍යාරාමයටයි. ඔවුන් හිමිකර ගත් ප්‍රසාද ලකුණූ සංඛ්‍යාව 59කි. බාලක කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැති බාලක අංශයේ ශුරතාව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හිමිකර ගත්තේ ප්‍රසාද ලකුණු 109ක් හිමිකර ගනිමින් ය. ප්‍රසාද ලකුණු 93ක් හිමිකර ගත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය එහි දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර තුන්වැනි ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයට හිමිවිය ඔවුන් හිමිකර ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 69කි කොළඹ විශාකා විද්‍යාලයේ රමුදි සමරකෝන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිවූයේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රිස් පවිත්‍රටයි.