ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරයේ නඩුව කල් යයි

රාජපක්ෂ කෞතුකාගාරය ගැන ගෝඨාභයට එරෙහි නඩුව ලබන ජනවාරි 9ට කල් යයි

by Staff writer 15-10-2019 | 12:26 PM

COLOMBO ( News 1st ) - ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව 2020 ජනවාරි 9 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ මහාධිකරණය අද නියම කළේය.

කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් මිලියන 33.9ක් අවභාවිතා කළැයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි. නඩුව විභාග කෙරුණේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදීය. https://www.youtube.com/watch?v=UCorCxoLzWM