ජනපති අපේක්ෂකයින්ට උපරිම ආරක්ෂාවක් දෙන්නැයි නියෝග

ජනාධිපති අපේක්ෂකයින්ට උපරිම ආරක්ෂාවක් දෙන්නැයි ජනපතිගෙන් ආරක්ෂක අංශවලට නියෝග

by Staff writer 15-10-2019 | 9:45 PM
COLOMBO (News 1st) - එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයින්ට උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපතිතුමා නියෝග කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්විය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එහිදී ජනාධිපතිතුමා විසින් ආරක්ෂක අංශ ප්‍රධානීන්ට මෙම නියෝගය සිදු කරන ලද බව ය.