ජනාධිපතිවරණය:තාවකාලික හැඳුනුම්පත් ලබන සිකුරාදා සිට

ජනාධිපතිවරණය: තාවකාලික හැඳුනුම්පත් ලබන සිකුරාදා සිට

by Staff writer 15-10-2019 | 6:55 AM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණය වෙනුවෙන් තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන සිකුරාදා සිට ආරම්භ කෙරෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම පැවසුවේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් ලබන සිකුරාදා සිට පිළිගත් හැඳුනුම්පතක් නොමැති අය සඳහා එම තාවකාලික හැදුනුම්පත නිකුත් කෙරෙන බවයි. දැනට ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය හැඳුනුම්පත වැනි පිළිගත් හැඳුනුම්පතක් නොමැති අය සඳහා මෙම තාවකාලික හැඳුනුම්පත නිකුත් කෙරේ. ජනාධිපතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කිරීමට ගිය විට අවස්ථාවේ මෙම තාවකාලික හැඳුනුම්පත ඡන්ද පොළ භාර නිලධාරියා විසින් ආපසු ලබා ගන්නා බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මෙම තාවකාලික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ හෝ වතු සේවකයෙකු නම් වතු අධිකාරිවරයාගෙන් ලබා ගත් සහතිකපතක් දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයට භාරදීමෙන් මෙම හැඳුනුම්පත ලබා ගත හැකි ය. තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම නොවැම්බර් 09 දා දක්වා සිදු කෙරේ.