ගෝඨා හා ශ්‍රීලනිපය එළැඹි ගිවිසුමේ ඇතුළත් කරුණු...

ගෝඨාභය සමග නිදහස් පක්ෂය එළැඹි ගිවිසුමේ ඇතුළත් කරුණු මෙන්න...

by Staff writer 15-10-2019 | 6:17 PM
COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේදී සහය දැක්වීමට අදාළව හෙට ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ගිවිසුමකට එළැඹෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් 3ක් අත්සන් කිරීමට සැලසුම් කර තිබිණි. එක් ගිවිසුමක් පසුගිය 10 වන දා පක්ෂ දෙක අත්සන් කළ අතර එය අද මාධ්‍යයට නිකුත් කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය. මේ අවබෝධතා ගිවිසුමට කරුණු 22 ක් ඇතුළත් ය. අල්ලස දූෂණය පිටු දකිමින් සුදුස්සාට සුදුසු තැන ලබා දෙන, මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කරන නීතියේ ආධිපත්‍ය සුරකින රාජ්‍ය පාලනයකට දෙපාර්ශවය එකඟතාව පළ කර තිබේ. * ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට, පක්ෂයේ නියෝජිතයින්ට කිසිදු අසාධාරණයක් හෝ වෙනස් කමක් සිදු නොකර පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඔවුන් ආරක්ෂා කිරීම. * මැතිවරණ ව්‍යාපාරයේදී සාධාරණ අවස්ථා ලබාදීම. * දෙපාර්ශවය එක්ව ඒකාබද්ධ මැතිවරණ ක්‍රියාකාරී කමිටු සංවිධානය කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම. * නිදහස් පක්ෂයෙන් මතු කරන කරුණු ගැන මනා ලෙස ඇහුම්කන්දීමට පොදුජන පෙරමුණ සහතික වීම. * ජාතික හා දේශපාලන වැදගත් තීරණවලදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතය විමසා සම්මුතිවාදීව ක්‍රියා කිරීම. ඊට ඇතුළත් තවත් කරුණු කිහිපයකි. ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන ජාතික, පළාත් හා පළාත් පාලන ඡන්දවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂක ලැයිස්තුව තුළ අවස්ථාව හිමි වන්නේ 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබා ගත් ඡන්ද පදනම අනුව ය. පක්ෂ දෙකට අනුබද්ධ සංවිධාන ද සහයෝගයෙන් ක්‍රියා කිරීමට මේ ගිවිසුමෙන් එකඟතාව පළ වී තිබේ. ෙ