අලි මියයාම ගැන රස පරීක්ෂක වාර්තාව මේ සතියේ..

හබරණ සද්දන්ත ඛේදවාචකයේ රස පරීක්ෂක වාර්තාව මේ සතියේ

by Staff writer 15-10-2019 | 7:25 AM

COLOMBO ( News 1st ) - හබරණ දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යෑමට හේතුව කුමක්ද යන්න මේ සතිය තුළ ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මියගිය ඇතින්නන් 6 දෙනාගේ සහ වන අලියාගේ ශරිර කොටස් උපයෝගී කරගනිමින් සිදුවන විමර්ශන වලින් පසුව එම වාර්තාව නිකුත් කරන බවයි. එම විමර්ශන කටයුතු මේ වනවිට සිදුවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සඳහා නිලධාරීන් 7 දෙනෙකු යොදවා ඇති බවයි. මේ අතර හබරණ දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යෑමට හේතුව විෂ රසායන ශරීර ගතවීම බව නිගමනය කෙරුණි. ඒ වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කළ කමිටුවේ වාර්තාවෙන් ය. මෙම මරණවලට හේතුව කුමක්ද යන්න තවදුරටත් විමර්ශනය කිරිම සඳහා සත්ත්ව කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට සහ පශු පර්යේෂණ ආයතනයට ද යොමු කර තිබේ.