"සුදු වෑන් සංස්කෘතිය මම පටන් ගත්තේ නැහැ"

සුදු වෑන් සංස්කෘතිය මම පටන් ගත්තේ නැහැ - ගෝඨාභය රාජපක්ෂ

by Staff writer 15-10-2019 | 8:12 PM
COLOMBO (News 1st) - අතීතය ගැන කතා කරමින් සිටිනවාට වඩා අනාගතය ගැන කතා කිරීම වැදගත් බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ය. ඒ, අද ඔහු සහභාගී වූ මාධ්‍ය හමුවකදී ය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අද පැවැති මෙම මාධ්‍ය හමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ නිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද අමරවීර මහතා ඇතුළු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහය දක්වන පක්ෂවල නායකයෝ ද සහාගී වූහ. මෙහිදී සුදු වෑන් සංස්කෘතිය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, සුදු වෑන් සංස්කෘතිය තමා ආරම්භ කළ එකක් නොවන බව ය.