by Staff writer 15-10-2019 | 9:40 AM
COLOMBO ( News 1st ) - වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට ගෘහස්ත ගෑස් සිලින්ඩර අලෙවි කිරීමේ සිදුවීම් 6කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇති බවයි.
ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කුරුණෑගල ප්‍රදේශයෙනි.
වැඩි මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන්නන් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේය
ඒ අනුව, 1977 කෙටි දුරකථන අංකයට එම පැමිණිලි ගොනු කළ හැකි ය.
වංචනික වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශන කණ්ඩායම් දිවයින පුරා ක්‍රියාත්මක බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගැනුණි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් පහළ දැමුණු අතර අනෙකුත් දිස්ත්‍රික්කවල එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමුවේ රුපියල් 251 කින් ය.
ඒවා මින් පෙර අලෙවි කෙරුණේ රුපියල් 1733කට ය.