කාලගුණ අයහපත්: නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට

කාලගුණ අයහපත්: නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට

කාලගුණ අයහපත්: නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට

කර්තෘ Staff writer

15 Oct, 2019 | 12:39 pm

COLOMBO ( News 1st ) – පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ.

ඌරුබොක්ක, කොටපොළ, කොස්මෝදර ආදී ප්‍රදේශවලට මිලිලීටර 100 ඉක්මවා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මේ වනවිට අකුරැස්ස පානදුගම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි.

ඒ, හේතුවෙන් සියඹලාගොඩ මාර්ගය ද ජලයෙන් යට වී තිබේ.

අද උදෑසන නිල්වලා ගඟේ පානදුගම ජල මාපකය සටහන්ව තිබුණේ මිලිමීටර 6ක් ලෙසට ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අද දිනයේත් නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශයන්ට වර්ෂාව පැවතුණහොත් ජල මට්ටම තවත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]