රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියා පෙන්වා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 14-10-2019 | 9:12 AM

COLOMBO ( News 1st ) - සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු අගලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ බදුරල, මිදලන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අදාල සැකකරු එලෙස විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් රුපියල් 3,86,500ක් වංචා කර ඇති බව ය. ඔහුට එරෙහිව ලද පැමිණිලි 6ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය සඳහන් කළේ ය.