"මගේ ජීවිතයේ වීරයින් හමුවුණා"

"මගේ ජීවිතයේ වීරයින් හමුවුණා"

by Staff writer 14-10-2019 | 3:59 PM

News 1st - සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට ඔහුගේ ජීවිතයේ වීර චරිත දෙකක් හමුවී තිබේ.

ශාරුක් මෙලෙස හමුවී ඇත්තේ, බෙල්ජියම් ජාතික සුපිරි රංගන ශිල්පී ක්ලෝඩ් වෑන් ඩෑම් සහ සුපිරි සටන් ශිල්පී ජැකී චෑන්වයි. රියාද්හි පැවති උත්සවයකදී ශාරුක් සහ ඔවුන් දෙදෙනා හමුවී තිබේ. එහිදී ශාරුක් ඔවුන් සමග ගත් සෙල්ෆි ඡායා රූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් සටහන් කර ඇත්තේ "මගේ ජීවිතයේ වීරයින් හමුවුණා" යන්නයි.