ලාංකික ධීවරයින් නිදහස් කර ගැනීමට සාකච්ඡා

ඉන්දීය අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින් නිදහස් කර ගැනීමට සාකච්ඡා

by Staff writer 14-10-2019 | 6:25 AM

COLOMBO ( News 1st ) - ඉන්දීය අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයින් 24 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

එහි සෝදිසි කිරීම් අංශයේ අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙම සාකච්ඡා පැවැත්වෙන බව ය. යාපනය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 18 දෙනෙකු හා මාතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනෙකු එලෙස ඉන්දීය අත්අඩංගුවේ පසුවෙයි. ඔහු පැවසුවේ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු ද මෙරට අත්අඩංගුවේ පසුවන බව ය.