ඇඩෙල්ගේ ෆස්ට් සංගීත ඇල්බමයට වාර්තා

බ්‍රිතාන්‍ය පොප් ගායිකා ඇඩෙල්ගේ ට්වෙන්ටි ෆස්ට් සංගීත ඇල්බමයට වාර්තාගත අලෙවියක්

by Staff writer 13-10-2019 | 2:44 PM
News 1st - 21 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක් වාර්තා කළ සංගීත ඇල්බමය බවට සුපිරි බ්‍රිතාන්‍ය පොප් ගායිකා ඇඩෙල්ගේ ට්වෙන්ටි ෆස්ට් නම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2011 වසරේ සිට මේ දක්වා කාලය තුළ එම ගීත ඇල්බමයේ පිටපත් මිලියන 5 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී ඇති බවයි. 21 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක් වාර්තා වූ ගීත ඇල්බම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඒමී වයින්හවුස්ගේ බැක් ටු බ්ලැක් ගීත ඇල්බමයට හිමි විය. එම ලැයිස්තුවේ තුන්වන ස්ථානය හිමි වුයේ ද ඇඩෙල්ගේ ගීත ඇල්බමයක් වන ට්වෙන්ටි ෆයිව්වලටයි.