පුත්තලමේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 7ක් අල්ලයි

පුත්තලමේ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 7ක් අත්අඩංගුවට

by Staff writer 13-10-2019 | 4:24 PM
COLOMBO (News 1st) : පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් යතුරු පැදියක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. සැකකරුවන් පාලවි, පුත්තලම සහ කල්ලඩි ප්‍රදේශවල පදිංචිකරුවන් ය. නාවික හමුදාව සහ නොරොච්චෝලේ පොලීසිය එක්ව මෙහෙයුම සිදුකර තිබේ.