යතුරුපැදිකරුවන්ට දෙහිවල ගුවන් පාලම තහනම්

දෙහිවල ගුවන් පාලමෙන් යතුරු පැදි ගමන් කිරීම තහනම් කෙරේ

by Staff writer 13-10-2019 | 11:00 AM

COLOMBO (News 1st) - ගාලු පාරේ දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම තහනම් කර ඇතැයි පොලීසිය පවසයි.

ඒ, ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව සහ රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය ගත් තීරණයකට අනුවයි. දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම හේතුවෙන් බහුලව රිය අනතුරු සිදුවීම සැළකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මේ අනුව මින් ඉදිරියට එම ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ.