වැසි තත්ත්වය තවදුරටත් - කාලගුණයෙන් අනාවැකි  

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

by Staff writer 13-10-2019 | 5:39 PM

COLOMBO (News 1st ) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 -100ත් අතර වැසි ඇතිවිය හැකි බව ය. ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි.