by Staff writer 13-10-2019 | 4:31 PM
COLOMBO (News 1st) : පැය 24 ක කාලයක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 02 ක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 73 ක් සහ වෙනත් පැමිණිලි 09 ක් ලැබී ඇති බවයි.
පසුගිය 8 වන දා සිට දින 4 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 459ක් ලැබී තිබේ.